ඉන්දීය ගුවන් හමුදාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී.ආර්. චෞද්‍රි සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුව තිබෙනවා.

ඉන්දීය පුහුණු පාඨමාලා සඳහා සහභාගිවන ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉහළ වෘත්තිය හැකියාවන් පිළිබඳ එහිදී ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ඇගයීමට ලක් කර ඇති බව සදහන්.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා පුහුණුවීම්වලදී සහ තාක්ෂණික හුවමාරුවලදී නව මංපෙත් සෙවිය යුතු බවද ඉන්දීය ගුවන් හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

Share This