ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්ට

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්ට

එක්දින සහ 20යි 20 තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සඳහා අරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්කර තිබෙනවා.
එම කණ්ඩායමේ උප නායකයා ලෙස බුවනේශ්වර් කුමාර් පත්කළ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුනි 28 වනදින මෙරටට පැමිනීමට නියමිතයි.
ඔවුන් මෙරට දී 20යි 20 ජාත්‍යන්තර තරඟ 3කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහභාගීවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලා.
පළමු එක්දින තරඟය ජූලි 13 වනදා කොළඹ බෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Share This