ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක  බලපත‍්‍රය අවලංගු කෙරේ

ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක බලපත‍්‍රය අවලංගු කෙරේ

උස්බෙකිස්ථානයේ දරුවන් 18 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමේ බලපත‍්‍රය අවලංගු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් බලධාරින් විසින් එම තීරණය ගෙන ඇති බවයි.

අදාළ ඉන්දීය ඖෂධ සමාගම නිෂ්පාදනය කරන ලද කැස්ස සඳහා භාවිත කෙරෙන සිරප් වර්ග දෙකක් ප‍්‍රමිතියෙන් තොර බවට පසුගිය ජනවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක්ද නිකුත් කළා.

ඉන් පසු ඊට අදාළ විමර්ශන ආරම්භ කෙරුණු අතර එහිදී ලබාගත් සාම්පලවල ගැටලූ‍ පවතින බව හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This