
ඉන්දීයාවේ කෝවිලක තෙරපීමක් – 30 ක් ළිදක් තුළ සිරවෙයි
ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ පිහිටි හින්දු ආගමික උත්සවයක් අතරතුර කෝවිලක වහලක් කඩා වැටීමෙන් 30 දෙදෙනෙකු එහි ළිඳක් තුළ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ළමයින් දෙදෙනෙකු ඇතුළු 9 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇති අතර, තවත් 25 දෙනෙකු ළිඳ තුළ සිරවී සිටින බව සදහන්.
රාම් නවමි උත්සවය වෙනුවෙන් අදාළ කෝවිල තුළ පෙරහරක් ද පවත්වා ඇති අතර අධික තදබදය මෙම අනතුරට හේතුවී ඇති බවටයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.