ඉන්දීයව ලකුණු 70ක් ඉදිරියෙන්

ඉන්දීයව ලකුණු 70ක් ඉදිරියෙන්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තුන් වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන්  වන විට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා ලකුණු 70ක් ඉදිරියෙන් ඉන්දීය කණ්ඩායම පසුවනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 223 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 210 ක් පමණයි.

ඒ අනුව දෙවන ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම අද දිනය අවසන් වන විට කදුළු 2ක් දැවී ලකුණු 57 ක් රැස් කරගෙන සිටියා.

පළමු ටෙස්ට් තරගය ලකුණු 113 කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වූ අතර දෙවන තරගය කදුළු 7 කින්  ජය ගැනීමට සමත් වුනේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

Share This