ඉන්දීය යුධ හමුදා ප්‍රධානියා අද ජනපති හමුවෙයි

ඉන්දීය යුධ හමුදා ප්‍රධානියා අද ජනපති හමුවෙයි

සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05 ක සංචාරයක් සඳහා මනෝජ් මකුන්ද් නාරාවන මහතා ඊයේ දිවයිනට පැමිණියා.

ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බවයි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ

ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් නාරාවන හෙට සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයට සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.

Share This