ඉන්දියාව සමඟ ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කරන බව අගමැති කියයි

ඉන්දියාව සමඟ ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කරන බව අගමැති කියයි

ඉන්දීය රජය සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගැනීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ට්විටර් සටහනක් තබමිනුයි අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේ.

ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී විනෙයි ක්වාත‍්‍රා ඇතුළු දූත පිරිස ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණියේ ආර්ථික අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීම සඳහායි.

එක්දින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ ඔවුන් සාකච්ඡා කරනු ලැබුවා.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ පැමිණි දූත පිරිසට ඉන්දීය ප‍්‍රධාන ආර්ථික උපදේශක ආනන්ත නාගේෂ්වරන් සහ ඉන්දීය ආර්ථික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා ද අයත්.

උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට සමීප මිතුරෙකු ලෙස ශ‍්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය ලබාදෙන බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට සංචාරයේදී සහතික වී ඇත්තේ.

ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිස ඊයේ පස්වරු 05 ට පමණ ඉන්දියාවට අයත් විශේෂ යානයකින් කටුනායකින් පිටත්ව ගියා.

Share This