ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කරයි

ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කරයි

දේශීය වශයෙන් තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඉන්දීය විදේශ වෙළඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ නියෝගය ඊයේ දිනයෙන් නිකුත් කර බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම නියෝගය නිකුත් කිරීමට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති අපනයන ඇණවුම් සඳහා එය බලාත්මක නොවන බවයි එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වුණේ.

ලොව දෙවන විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන ඉන්දියාවේ තිරිඟු මිල ගණන් පසුගිය මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

Share This