ඉන්දියාවේ ලක්ෂ 40කට දිවි අහිමි වනු ඇති බවට අනාවරණයක්.

ඉන්දියාවේ ලක්ෂ 40කට දිවි අහිමි වනු ඇති බවට අනාවරණයක්.

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් ලක්ෂ හතලිහකට පමණ ජීවිත අහිමිවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ වාර්තා වූ ආසාදිතයින් හා මරණ දත්තයන්ට සාපේක්ෂවයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.

අපේක්ෂිත මරණ සංඛ්‍යාව වෛරසය ආසාදනය වීමෙන් පමණක් සිදු නොවුවද කොරෝනා වසංගත තත්ත්වය මත පදනම් වූ කුමන හෝ හේතුවක් අනුව සිදුවිය හැකි බවට අදාළ සමීක්ෂණයෙන් තහවුරු කර තිබෙනවා.

වයිරස ව්‍යාප්තියත් සමග ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් බොහෝ පිරිසකට ආහාර හිගතාවකට මේ වන විටත් මුහුණදීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

නිල වාර්තාවන්ට අනුව මේ වනවිට එරට සිදුව ඇත්තේ කොරෝනා මරණ හාර ලක්ෂ දා හතර දහසක් පමණයි.

කෙසේ වෙතත් ඉන්දියාව තුළ සිදුවන කොරෝනා මරණ බොහොමයක් නිල වාර්තා අතරට එක් නොවන බව ද සදහන්.

Share This