ඉන්දියාවේ දුම්රිය අනතුරක් – 7ක් මරුට – 45 කට තුවාල.

ඉන්දියාවේ දුම්රිය අනතුරක් – 7ක් මරුට – 45 කට තුවාල.

ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් 45 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මැදිරි 12 කින් සමන්විත දුම්රියේ එක් දහස් 200 ක පමණ පිරිසක් ගමන් කර ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුම්රිය අමාත්‍ය අශ්විනී වෛශ්නාව් ට නියේග කර ඇත්තේ අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මියගිය පුද්ගලයන් වෙනුවෙන් ලක්ෂ 5 බැගින් සහ තුවාලකරුවන් වෙනුවෙන් ලක්ෂය බැගින් වන්දි ගෙවීමටත් අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

TAGS
Share This