
ඉන්දියාවේ දරුවන්ට කොවැක්ස් එන්නත අනුමතයි
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මගින් නිෂ්පාදනය කළ කොවැක්සීන් කොරෝනා එන්නත වයස අවුරුදු දෙකත් 18 ත් අතර ළමුන්ට ලබාදීමට ඉන්දීය රජයේ විද්වත් කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව එහි අවසන් අනුමැතිය එරට ඖෂධ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිතයි.
කොවැක්සීන් ඉන්දීය ළමයින් සඳහා අනුමත කළ දෙවන කොරෝනා එන්නතයි.
මීට පෙර ඉන්දීය සයිඩස් කැඩිලා ආයතනය මගින් නිෂ්පාදිත මාත්‍රා 3 කින් යුත් ඩී.එන්.ඒ. කොරෝනා එන්නතද වයස අවුරුදු 12 න් ඉහළ ළමයින් සඳහා එන්නත් කිරීමට අනුමැතිය හිමිවුණා.
සීරම් ආයතනයේ නොවැවැක්ස් එන්නත සහ බයොලොජිකල් ඊ ආයතනයේ කෝබේවැක්ස් කොරෝනා එන්නතද ළමයින් සඳහා එන්නත් කිරීමේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා.
ඉන්දියාව මේ වනවිට එරට වැඩිහිටි ජනගහණය වෙනුවෙන් කෝටි 96 ඉක්මවූ එන්නත් මාත්‍රා ලබාදී ඇති අතර, මේ වන විට අවධානය යොමු කර ඇත්තේ එරට ළමයින් එන්නත් කිරීමටයි.