ඉන්දියාවේ කෝවිලක තෙරපීමෙන් ළිඳකට වැටුණු 35 දෙනා මරුට

ඉන්දියාවේ කෝවිලක තෙරපීමෙන් ළිඳකට වැටුණු 35 දෙනා මරුට

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ පිහිටි ඉන්දූර් නගරයේ කෝවිලක පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් ළිඳකට වැටුණු පුද්ගලයින් 35 දෙනාම මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.

මෙම අනතුරෙන් තවත් 14 දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.

අදාළ ආගමික මධ්‍යස්ථානයේ වහළය කඩා වැටීමත් සමඟ එහි සිටි පිරිස් මෙම අනතුරට මුහුණපා තිබුණා.

රාම් නවමි උත්සවය වෙනුවෙන් අදාළ කෝවිල තුළ පෙරහරක් ද පවත්වා ඇති අතර අධික තදබදය මෙම අනතුරට හේතුවී ඇති බවටයි ඉන්දීය බලධාරීන් විශ්වාසය පල කරන්නේ.

Share This