ඉන්දියාවේ ඔස්කාර් සිහිනය සැබෑ වෙයි ද? [PHOTOS]

ඉන්දියාවේ ඔස්කාර් සිහිනය සැබෑ වෙයි ද? [PHOTOS]

එළඹෙන මාර්තු 12 වනදා අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙන 95 වන ඔස්කාර් සම්මාන උළෙලේදී මෙවර රාජ්මෞලිගේ RRR චිත්‍රපටය සම්මානයක් දිනා ගනී ද? නැද්ද? යන්න මුළුමහත් ඉන්දියාවම ඇස ගසාගෙන සිටින කාරනයක් වෙලා තියනවා.

RRR චිත්‍රපටය මේ වෙනකොට 95 වන ඇකඩමික් සම්මාන උළෙලේ හොදම ගීතය සඳහා නිර්දේශ වෙලා තියනවා.

RRR චිත්‍රපටයේ Naatu Naatu ගීතය ගීතය පසුගිය දවසක ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදීත් හොඳම ගීතය ලෙස සම්මාන දිනා ගත්තා.

චන්ද්‍රබොෂි විසින් පද රචනා කර ඇති Naatu Naatu ගීතය කිරාවනි සංගීතවත් කර තිබෙනවා.

ඉන්දියානුවන් වගේම සිනමාවට ආදරේ කරන රසික රසිකාවියන් දහස් ගණනකගේ අවදානය RRR සිනමාපටය වෙතට යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි.

Share This