ඉන්දියානු වීසා අයදුම්පත් බාර ගැනීම් කටයුතු දවස් තුනකට සීමා කරයි.

ඉන්දියානු වීසා අයදුම්පත් බාර ගැනීම් කටයුතු දවස් තුනකට සීමා කරයි.

මෙරට පිහිටි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය විසින් වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එළඹෙන 04 වැනි දා සිට ඉන්දියානු වීසා අයදුම්පත්, IVS මධ්‍යස්ථානය හරහා (බාහිර වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය) බාර ගැනීම් කටයුතු සිදු වන්නේ අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණක් බව එම නිවේදනයේ සදහන්.

රටේ පවතින වර්තමාන තත්ත්වය හේතු කොට ගෙන අදාළ තීරණය ගෙන ඇති බව ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය සදහන් කරනවා.

Share This