
ඉදිරි දෙසතිය තුල ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර.
ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ඉදිරි දෙසතිය ඇතුලත තහනම් කිරීමට රජය මගින් තීරණය කර තිබෙනවා.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා කියා සිටියේ ප්ලාස්ටික් මල්මාලා , වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි , යෝගට් හැඳි , ගෑරුප්පු ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි නිෂ්පාදන කිහිපයක් ඒ අනුව තහනම් කෙරෙන බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.