
ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවීමට නව වැඩපිළිවලක්.
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදීයි.
පසුගිය සමයේ මෙරට පැවැති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි මතු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැලසීමට රජය ගත් තිරණවල ප්‍රගතිය ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කර තිබෙනවා.
ඉදිකිරීම් කරුවන් වෙත රජය මඟින් පියවිමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ද කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා කියා සිටියේ විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කරමින් පැවති එහෙත් ආර්ථික අර්බූධය හමුවේ අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බවයි.
එමෙන්ම මෙරට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවට ද සාගල රත්නායක මහතා විශ්වාසය පල කළා.
ඒ අනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබා දෙන ලෙසද සාගල රත්නායක මහතා මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.