ඉතියෝපියාව දරුණු සාගතයක

ඉතියෝපියාව දරුණු සාගතයක

ඉතියෝපියාව දරුණු සාගතයක් අභියසට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.එහි මානුෂීය ප්‍රධානි මාර්ක් ලොකොක් මේ බව කියා සිටියේ රටවල් කිහිපයක් යොදා ගනිමින් සිදු කල විශ්ලේෂණ වාර්තාවක් එළිදක්වමින්.

දරුණු යුද්ධයකින් විනාශ වූ එරට ටයිග්‍රේ කලාපයේ මෙන්ම අසල්වැසි අම්හරා සහ අෆාර් යන ප්‍රදේශවල තුන් ලක්ෂ පනස් දහසක පමණ පිරිසක් සාගතයට ගොදුරු වී ඇති බව ද ඔහු සඳහන් කලා.

සාගත තත්වයත් සමග එරට මිලියන 1. 7ක ජනතාවක් අවතැන් වී සිටිනවා.
කුඩා දරුවන් ට එම තත්වය දැඩි ලෙස බලපා ඇති බවද සඳහන්.

Share This