ඉක්වදොරයේ පොලීසියකට මහජන ප‍්‍රහාරයක් – පොලීසියේ 18 ක් අතුරුදන්

ඉක්වදොරයේ පොලීසියකට මහජන ප‍්‍රහාරයක් – පොලීසියේ 18 ක් අතුරුදන්

ඉක්වදොරයේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක දී ජනතාව විසින් පොලිස් ස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

නොසන්සුන්තාව හමුවේ පොලිස් නිලධාරීන් රැසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පළාත් පොලිස් ප‍්‍රධානීන් නිවේදනය කලේ ගැටුම්කාරී තත්ත්වයෙන් පොලිස් නිලධාරීන් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

රජයේ ආර්ථික සහ සමාජ ප‍්‍රතිපත්ති සංශෝධන වලට එරෙහිව ඉක්වදොරයේ දින ගණනාවක සිට ස්ථාන රැසක විරෝධතා පැවැත්වෙනවා.

පූයෝ නගරයේ විරෝධතා ප‍්‍රචන්ඩකාරී ස්වභාවයක් ගෙන ඇති බව සඳහන්.

උද්ඝෝෂණකරුවන් බල කර සිටින්නේ ඉන්ධන, ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දමන ලෙසයි.

නොසන්සුන්තා අතරතුර රථවාහන රැසකට ද ගිනි තබා ඇති බව ඉක්වදෝර මාධ්‍ය වාර්තා කළා.

Share This