ඇෆ්ගනිස්ථාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ ප‍්‍රමාදයක්

ඇෆ්ගනිස්ථාන තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ ප‍්‍රමාදයක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව අනිද්දා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන අවසන් ශ‍්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා.

ඒ මෙම සංචිතය සඳහා පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඉවත් කර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අද පස්වරුවේ හමුවීමටද නියමිත බව සඳහන්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ආරම්භ කළේ මීට දින කීපයකට පෙරයි.

Share This