
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් ඊයේ දිවයිනට පැමිණියා.
ශ‍්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි 02 වැනිදා පැවැත්වීමට නියමිතයි.
දෙවැනි තරගය ජුනි මස 04 වනදා සහ අවසාන තරගය ජූනි මස 07 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම තරග තුනම පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියී.
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක්දින ක‍්‍රිකට් තරගාවලියද මෙය වනවා.