ඇෆ්ගනිස්තාන් රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තලේබාන් සාමාජිකයන් 967 ක් මියයයි.

ඇෆ්ගනිස්තාන් රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තලේබාන් සාමාජිකයන් 967 ක් මියයයි.

ගතවූ දින පහක කාලය තුළ ඇෆ්ගනිස්තානයේ රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තලේබාන් සාමාජිකයන් 967 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රාන්ත විස්සක සහ ප්‍රධාන නගර නවයක පැවති ගැටුම්වලින් මෙම පිරිස මියගොස් ඇති බවයි.

මෙම ගැටුම්වලින් තලේබාන් සාමාජිකයන් 500 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

කෙසේවෙතත් ගැටුම්වලදී ඇෆ්ගනිස්තාන හමුදාවන්ට සිදුවූ හානිය පිළිබද එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කිසිවක් සදහන් කර නැහැ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇෆ්ගනිස්තාන හමුදා සහ ඔවුන්ට සහය දෙන සිවිල් කණ්ඩායම් විසින් තලේබාන් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රදේශ කිහිපයක්ම යළිත් සිය පාලනය යටතට ගෙන ඇති බවයි.

මේ අතර කටාර්හි දෝහා අගනුවර පැවැත්වෙන සාම සාකච්ඡා ධනාත්මක සහ අපේක්ෂා තැබිය හැකි මට්ටමින් පැවැත්වෙන බව ඇෆ්ගනිස්තානයේ සංහිඳියාව පිළිබද උත්තරීතර කවුන්සිලයේ සභාපති අබ්දුල්ලා අබ්දුල්ලා ප්‍රකාශ කළා.

Share This