ඇෆ්ගනිස්තානයේ අධිකරණවල විනිසුරුවරියන්ට තර්ජන

ඇෆ්ගනිස්තානයේ අධිකරණවල විනිසුරුවරියන්ට තර්ජන

තලේබාන් පාලනය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අධිකරණවල සේවය කළ විනිසුරුවරියන්ට බියෙන් සැගවීමට සිදුව ඇති බව වාර්තාවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය රජය සමයේ මෙම කාන්තා විනිසුරුවරියන් සක්‍රීය සේවයේ යෙදී සිටිය ද මේ වනවිට ඔවුන් සේවයෙන් ඉවත්ව ඇති බවයි.

මෙම විනිසුරුවරියන් පවුල් අපරාධ සම්බන්ධ නඩු ආදිය විභාග කර ඇති අතර එහිදී දඩුවම් පැමිණ වූ විශාල පිරිසක් තලේබාන් පාලකයන් විසින් නිදහස් කර ඇති බව සඳහන්.

එසේ නිදහස ලබා පැමිණි පිරිස් විසින් මෙම විනිසුරුවරියන්ට මරණ තර්ජන එල්ල කිරිම හේතුවෙන් ඔවුන්ට සැගව ජීවත්වීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This