ඇෆ්ගන් රජය ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලයි

ඇෆ්ගන් රජය ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලයි

ඊයේ (22) දිනයේ දී ඇෆ්ගනිස්ථානයට බල පෑ භූ කම්පනයෙන් සිදු වූ විශාල හානියත් සමඟ තම රටට සහාය දැක්වීමට එක්වන්නැයි ඇෆ්ගන් රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ සටහන් වූයේ 6.1ක් ලෙස සටහන්ව තිබූ අතර මෙම භූ කම්පනයෙන් දහසකට අධික පිරිසක් ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 1500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස සහ පස් කඳු කඩා වැටීමෙන් ඊට යට වුණු පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු ලබා ගෙන නොමැති බව සඳහන්.

Share This