
ඇසළ උත්සවය වෙනුවෙන් කතරගම සුරාසැල් ජූලි 04 දක්වා වැසෙයි
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් අද සිට ජූලි 04 දක්වා කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලූම බලපත‍්‍ර ලත් සුරාසැල් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ මෙම කාල සීමාව ආවරණය කරමින් ඌව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප‍්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇත බවයි.
උත්සව කාල සීමාව තුල ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන්.