ඇයට ජීවිතයේ ඕනෑම තීරණයක් ගන්න ඉඩ තියෙනවා –  චන්න පෙරේරා

ඇයට ජීවිතයේ ඕනෑම තීරණයක් ගන්න ඉඩ තියෙනවා – චන්න පෙරේරා

චන්න පෙරේරා මෙරට කලා ක්ෂේත්‍රයට නිර්මාණ ගණනාවක් ම දායාද කරපු රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.

මේ ආදරණීය රංගන ශිල්පියා විවාහ වෙන්නේ රංගන ශිල්පිනී ගයත්‍රී ඩයස් සමගින්.

මේ දිනවල ගයත්‍රී දියණියන් දෙදෙනා සමග විදේශගතව තමයි ඉන්නේ.

කාලයකට ඉහතදී ගයත්‍රී සහ චන්නගේ විවාහය දික්කසාදයකින් කෙළවර කරනවා.


නමුත් ඔවුන් දෙදෙනා කිසිම විටෙක ඔවුනොවුන්ට වැරදි කියවා ගන්න තත්ත්වයකට පත්වෙලා නැහැ.

ඔහු ගයත්‍රී පිළිබඳව සඳහන් කරලා තිබුනේ මේ විදිහට ,

“මොනවා උනත් ඇය මගේ දියණියන් දෙදෙනාගේ මව.
හැබැයි ඇයටත් ජීවිතයක් තිබෙනවා.
දැන් ඇය නීතිමය බැඳීමක් මාත් එක්ක නැහැනේ.
ඇයට ජීවිතයේ ඕනෑම තීරණයක් ගන්න ඉඩ තියෙනවා.
ඒ හැර ඒක මට බලපාන්නෙ නැත්නම් ඒ ගැන මම කථා කළ යුතු නැහැ.
ඒක ඇගේ ජීවිතය.
ඉතින් වැදගත් වන්නේ ඇය මවක් හැටියට කොච්චර මගේ දරුවන්ගේ යුතුකම් කරනවද කියන එක.
ඉතින් එතන කිසි ප්‍රශ්නයක් නැහැ.
මම හැමතිස්සෙම දන්නවා ඇය තීරණ ගනිද්දි දරුවෝ ගැන හිතනවා කියලා.
ඒ වගේම ඇය මගේ දුකේදි හැමවෙලේම කතා කරනවා.
මම ඇගේ දුකකදී ඇය වෙනුවෙන් පෙනී හිටිනවා.
අනිත් එක තමයි මම වත් ඇයවත් කිසිම කාලෙක අපි දෙන්නව විවේචනය කරගෙන නැහැ.
කිසිම පුවත්පතකවත් මාධ්‍යයකවත් විවේචනය කරගෙන නැහැ.
අපි වෙන් උනාට දරුවන්ට අපි ආදර්ශමත් වෙලා තිබෙනවා.
අපි විවාහයෙන් වෙන් උනාට ගයත්‍රී මට කවදාවත් ඇඟිල්ල දික් කරල නැහැ.
මමත් ඇයට අත දික් කරල නැහැ.
අපි මුළු ජීවිත කාලෙම විවාහය නිසා හිතෙන් දුක් විඳ විඳ ජීවත් වෙන්න ඕනේ නැහැ.”

කියලා තමයි එහිදී චන්න පෙරේරා සඳහන් කර තිබුණේ..

Share This