ඇමති නිමල් නෙරපා හැරීම වළක්වන නිදහස් පක්ෂ  වාරණය ඉවතට

ඇමති නිමල් නෙරපා හැරීම වළක්වන නිදහස් පක්ෂ වාරණය ඉවතට

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීම වළක්වාලමින් එම පක්ෂයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය මෙම නියෝගය ලබා දී ඇත්තේ දෙපාර්ශවය එකඟතාවකට පැමිණීම හේතුවෙන්.

පක්ෂයේ තීරණයට පටහැණිව යමින් රජයේ ඇමති ධුර ලබාගැනීම සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමටයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මීට සති කිහිපයකට පෙර තීරණය කලේ.

Share This