”ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට.

”ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර යටතේ ඉදිකෙරුණු මීරිගම සිට කුරුණෑගල දක්වා වන ඇතුගල්පුර පිවිසුම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.

පස්වරු 4 .40 ට පමණ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීරිගම පිවිසුමෙන් ප්‍රවේශපත්‍ර ලබාගෙන කුරුණැගල බලා පිටත්ව ගියා.

ජනාධිපතිවරයා ගමන් ගත් රථය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ධාවනය කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගත් රථය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ධාවනය කරවූවා.

මීරිගම සිට කුරුණෑගල දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර 40.91 ක්.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ක් ඊට ඇතුළත්.

ඉදිකිරීම් පිරිවැය රුපියල් බිලියන 149 ක් බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.

මංතීරු 4 ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි නාගරික ප්‍රදේශ මග හරිමින් දේශීය අරමුදල් යටතේ දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් හිස් ඉඩම් හරහා මෙම අධිවේගී මාර්ග කොටස ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

කුරුණැගල යග්ගපිටියේදී පැවති ප්‍රධාන ජන හමුව ඇමතූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඇතුගල්පුර පිවිසුම සෞභාග්‍යවත් රටක විප්ලවීය වෙනසක් බවයි.

Share This