ඇගමැති මහින්ද රාජපක්ෂ පාපන්දු ජය සීෂෙල්ස් කණ්ඩායමට

ඇගමැති මහින්ද රාජපක්ෂ පාපන්දු ජය සීෂෙල්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර ඊයේ රාත්‍රියේ පැවති අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු කුසලනායේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට සීෂෙල්ස් කණ්ඩායම සමත් වුණා.

සීෂෙල්ස් පිළ මෙම තරගයේ ශූරතාව හිමි කරගත්තේ, දඬුවම් පහර 3 ට 1ක් ලෙස සාර්ථක කරගනිමින්.

මේ අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගිආනි ඉන්ෆැන්ටිනෝ මහතා ඊයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා ලෝක පාපන්දු සම්මේලනය පූර්ණ සහාය ලබාදෙන බවයි හෙතෙම ජනාධිපතිවරයා සමග සඳහන් කර ඇත්තේ.

කොළඹ හෝ ඒ ආසන්න ප්‍රදේශයක අංගසම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සහාය ලබාදෙන බවත් ජගත් පාපන්දු සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Share This