ආසියානු සටනට යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ආසියානු සටනට යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ලබන ඔක්තෝබර් මාසයේදී ඇරඹෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව 15 දෙනකුගෙන් සමන්විත එම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව ඇති අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ ඉනෝකා රණවීර කණ්ඩායම වෙනුවෙන් නම් කර තිබෙනවා.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ලබන ඔක්තෝබර් මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙනවා.

එහි දී ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට අමතරව ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ අනෙකුත් ක්‍රීඩිකාවන් වන්නේ කවීෂා ඩිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි යන ක්‍රීඩිකාවන්ය.

Share This