ආසියානු දැල්පන්දු ශූරියෝ සිත 88.8 ට [VIDEO]

ආසියානු දැල්පන්දු ශූරියෝ සිත 88.8 ට [VIDEO]

ආසියානු නෙට්බෝල් ශූරතාවය ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවයක් සිත 88.8 ප‍්‍රමුඛ විස් බ්‍රෝඩ්කාස්ටින් නාලිකා පරිශ‍්‍රයේදී අද පැවැත්වුණා.

ඒ අනුව නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි ආයතන පරිශ‍්‍රයට පැමිණි ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකයින් පිළිගණු ලැබුවේ සිත 88 යි 8 ප‍්‍රමුඛ අප සහෝදර නාලිකා වන රෙඩ් FM සහ තමිල් FM සහ නිව්ස් 24 කණ්ඩායම නියෝජනය කරන සහෝදර සේවක සේවිකාවන් විසින්.

අනතුරුව මැදිරි සංකීර්ණය වෙත කැඳවාගෙන ආ ඔවුන් ඉදිරියේදී ප‍්‍රචාරය වීමට නියමිත මේ දවස් වල මං වැඩසටහනට ද එක්වුණා.

එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයංජලී අමරවංශ කියා සිටියේ ගුවන්විදුලි නාලිකාවක් ලෙස මෙරට ක‍්‍රීඩාවට දක්වන දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කරන බවයි.

මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාව හිමිකරගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අවසන් මහ තරඟයේදි ලකුණු 63 ට 53 ක් ලෙස පරාජය කළා.

ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු දැල්පන්දු ශූරතාව ජයග‍්‍රහණය කළ 6 වැනි අවස්ථාව ලෙස සනිටුහන් කරමින්.

Share This