ආසියානු කුසලාන 20-20 ක‍්‍රිකට් තරඟාවලිය සඳහා ක‍්‍රිඩා කරන පාකිස්ථාන සංචිතය නම් කෙරේ

ආසියානු කුසලාන 20-20 ක‍්‍රිකට් තරඟාවලිය සඳහා ක‍්‍රිඩා කරන පාකිස්ථාන සංචිතය නම් කෙරේ

ආසියානු කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරඟාවලිය සදහා ක‍්‍රිඩා කරන පාකිස්ථානු සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතයේ වෙනස්කම් පහක් සිදු කර ඇති අතර, අබ්දුල්ලා ෂෆීක් සහ ඉමාම්-උල්-හක් යන කී‍්‍රඩකයින් සල්මන් අලි අගා සහ සහීඞ් මෙහ්මූඞ් වෙනුවට කණ්ඩායමට එක්කර තිබෙනවා.

එරට තේරීම් කමිටු ප‍්‍රධානී මොහොමඞ් වසීම් සඳහන් කළේ බාබර් අසාම්ගේ නායකත්වවයෙන් යුත් ආසියානු කුසලාන සංචිතයට ක‍්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත් වන බවයි.

ෂාදාබ් ඛාන්, අසිෆ් අලී, ෆකාර් සමන්, හයිඩර් අලී, හැරිස් රවුෆ්, ඉෆ්තිඛාර් අහමඩ්, කුෂ්දිල් ෂාහ්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂාහ්, ෂාහීන් ෂාහ් අෆ්රිඩි, ෂාහ්නාවාස් දහානි සහ උස්මාන් කදීර් එම සංචිතයට අයත් සෙසු ක‍්‍රීඩකයින් වනවා.

ආසියානු කුසලානයේ පාකිස්තානය මුහුණ දෙන පළමු තරඟය අගෝස්තු 28 වැනිදා ඩුබායි හිදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි මෙවර ආසියානු කුසලාන තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

Share This