ආසාදිතයින් රෝහල් වලට රැගෙන ඒමට පෙර කළ යුතු දෑ දැනුම් දෙයි

ආසාදිතයින් රෝහල් වලට රැගෙන ඒමට පෙර කළ යුතු දෑ දැනුම් දෙයි

බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් ප්‍රධාන රෝහල්වලට රැගෙන ඒමට පෙර අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය සුවසැරිය ඇතුලු‍ ගිලන් රථ සේවාවලට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් දැනුම්දීමක් කර පැමිණය යුතු වනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඒ මේ බව සදහන් කළා.

Share This