ආරාධිත 20-20 අවසන් මහා තරගය අද

ආරාධිත 20-20 අවසන් මහා තරගය අද

ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිළ හා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිළ අතර රාත්‍රී 7 ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි එය ආරම්භවීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ දී මුහුණ දුන් තරග 6 න් තරග 4 ක ජය වාර්තා කළ ග්‍රේස් පිල අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවා.

රෙඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 6 න් තරග 3 ක් ජය ගැනීමට සමත් වුණා.

මූලික වටයේ තරග පැවැති අවසන් දින දෙකට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරග 3 ක් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ග්‍රේස් කණ්ඩායමේ දසුන් ශානකයි.

ඔහු ඉනිම 5කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 210ක්.

වැඩිම කඩුලුලාභීන් 7 දෙනාම රෙඩ්ස් හා ග්‍රේස් කණ්ඩායම්වල පන්දු යවන්නන් වීම කැපී පෙනන සිදුවීමක්.

අවසන් මහා තරගය සඳහා ග්‍රේස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ළහිරු මදුෂංක ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි නායක දසුන් ශානක සඳහන් කළේ.

TAGS
Share This