ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළට

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළට

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ සුදු සීනි, පරිප්පු සහ තිරිඟු‍ පිටිවල මිල මෙලෙස අඩු වී ඇති බවයි.

රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200 ක් වන අතර, රුපියල් 340 ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 310 ක් ලෙසයි.

එමෙන් ම රුපියල් 230 ක්ව පැවති ආනයනික තිරිඟු‍ පිටි කිලෝවක මිල මේ වන විට රුපියල් 210 ක් ලෙස දැක්වෙන බව සඳහන්.

Share This