ආදායම් වාර්තා තබමින් තිරගත වන පොන්නියන් සෙල්වම්[PHOTOS]

ආදායම් වාර්තා තබමින් තිරගත වන පොන්නියන් සෙල්වම්[PHOTOS]

ඉන්දියානු රුපියල් කෝටි 200ක පමණ වියදමින් තැනුණ පොන්නියන් සෙල්වම් සිනමාපටයේ දෙවන කොටස මේ වෙනකොට ආදායම් වාර්තා තබමින් අති සාර්ථක ලෙස තිරගත වන බව ඉන්දියානු සිනමා වාර්තා සඳහන් කරනවා.

දින පහක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 250ක පමණ ආදායමක් ලබා ගැනීමට මේ වන විට පොන්නියන් සෙල්වම් සිනමාපටයේ දෙවන කොටස සමත් වී තිබෙනවා.

ඉන්දියානු සිනමා විචාරකයින් පවසන්නේ මේ වසරේ දැනට තිරගත වූ දමිල චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් ලැබු විජේගේ වරිසු චිත්‍රපටය උපයාගත් මුදලද තවත් දින කිහිපයකින් පොන්නියන් සෙල්වම් චිත්‍රපටය ඉක්මවා යනු ඇති බවයි.

මින් පෙර තිරගත වූ පොන්නියන් සෙල්වම් සිනමාපටයේ පළමු කොටස ඉන්දියානු රුපියල් කෝටි 450ක ආදායමක් උපයාගත් බව ඉන්දියානු සිනමා වාර්තා සඳහන් කර තිබෙනවා.

මනිරත්නම් විසින් අධ්‍යක්ෂණය කළ පොන්නියන් සෙල්වම් සිනමාපටයේ දෙවන කොටසේ උතුරු ඉන්දියානු සිනමාවේ මෙන්ම දකුණු ඉන්දියානු සිනමාවේත් ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වනවා.

Share This