ආජන්ටිනාව පැරදූ සෞදි පාපන්දු ක්‍රීඩකයින්ට මෝටර් රථ

ආජන්ටිනාව පැරදූ සෞදි පාපන්දු ක්‍රීඩකයින්ට මෝටර් රථ

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී ප‍්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කළ සෞදි අරාබි කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම මෝටර් රථය බැගින් ලබාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම ජයග‍්‍රහණය සමරමින් ඊයේ සෞදිය නිවාඩු දිනයක් ලෙස ද ප‍්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත් මෙම වාර්තා සම්බන්ධයෙන් සෞදි රජය මෙතෙක් නිල ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ.

Share This