ආක්ෂේගේ අලුත්ම පෙම්වතිය අනන්‍යා [PHOTOS]

ආක්ෂේගේ අලුත්ම පෙම්වතිය අනන්‍යා [PHOTOS]

ඉන්දීය සිනමාවේ සුපිරි අධ්‍යක්ෂකවරයෙක් වන කරන් ජෝහර්ගේ නවතම සිනමා නිර්මාණය සඳහා නවක නළු නිළියන් තෝරා ගැනීම මේ වන විට සිදු වෙනවා කියලා ඉන්දීය සිනමා ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ කරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන සී සංකරන් නායර්ගේ චරිතාපදානය අලලා නිර්මාණය වන චිත්‍රපටය සඳහායි.

ඉන්දීය සිනමාවෙන් එන තොරතුරු අනුව අපිට දැනගන්න ලැබුනේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ආක්ෂේ කුමාර් විසින් රංගනයෙන් දායක වෙනවා කියලා…

ඒ වගේම මේ චිත්‍රපටයේ ආක්ෂේගේ පෙම්වතිය ලෙස ඔහුට වඩා වයසින් ගොඩක් අඩු අනන්‍යා පාන්ඩේව තෝරාගෙන තියෙනවා කියලත් ආරංචි වෙනවා.

මෙහි විශේෂත්වය වෙන්නේ ආක්ෂේ සහ අනන්‍යා සිනමාපටයක පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වන ප්‍රථම අවස්ථාව ද මෙය වීමයි.

කොහොම වුනත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණ විදිහට මේ තමයි ආක්ෂේ හා කරන් එකට වැඩ කරන පළවෙනි අවස්ථාවත්..

Share This