අසාද් සාලිට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකුට නොතීසි.

අසාද් සාලිට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙකුට නොතීසි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පෙබරවාරි මස 21 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නොතීසි නිකුත් කර ඇත්තේ පත්කල මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, නුවරඑලිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස සහ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරුන්ටයි.

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීම සඳහා ක්‍රියා කළ බවට චෝදනා කරමින් අසාද් සාලි මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර තිබුණා.

අසාද් සාලි මහතා එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමටයි මහාධිකරණය අද තීන්දු කළේ.

ඒ අනුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙයසි ඉල්ලා ඇත්තේ.
අදාළ පැමිණිල්ල සලකා බැලීම සඳහා නඩුව පෙබරවාරි මස 21 වනදා කැඳවීමට නියමිතයි.

Share This