
අස්වැසුම පළමු වාරිකය ලබාදීම අද සිට.
අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමයට තෝරාගත් පවුල් සඳහා පළමු වාරිකය ගෙවීම අද සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සදහන් කලේ ඒ අනුව පළමු අදියරේදී දැනට සියලු ගැටලු නිරාකරණය කළ පවුල් ලක්ෂ 15 කට මාසික වාරිකය ලබා දෙන බවයි.
වාරික ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය විසින් අදාළ රාජ්‍ය බැංකු වෙත මුදා හැරීම සිදු කර ඇති බව ද සදහන්.
මේ අතර අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 2 ලක්ෂ 17 දහසක්.
එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතයි.