
අවුරුදු 100 පෙනි පෙනී මෙලොවින් ගිය “බෙටී”
බෙටි වයිට් ගැන ඔයා මේ වෙනකොට දැනගෙන ඉන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි.
මොකද ඇය 50 දශකයේ ඉඳලාම රූපවාහිනියේ දකින්න ලැබුණු ජනප්‍රියතම චරිතයක්.

ඇගේ ඇත්ත නම බෙටී වයිට් වුණාට ගොඩක් අය ඇයට කිව්වේ ‘‘රත්තරං කෙල්ල ’’ හෙවත් ගෝල්ඩන් ගර්ල් කියලා.
ඒ, ඇය 1985 සිට 1992 කාලයේ විකාශය වුණ Golden girls නාට්‍ය මාලාවේ බෙටී සොෆියාගේ චරිතයෙන් පෙනී සිටිම නිසා.
1949 වසරේදී රූපවාහිනියේ ‘‘Hollywood on Television’’ වැඩසටහනට සම්බන්ධ වූ බෙටී 1950 දශකය වෙන විට රූපවාහිනියේ විකාශය වූ ‘‘Life with Elizabeth ’’ සහ ‘‘Date with angels’’ රූපවාහිනි නාට්‍යන්හි ජනපි‍්‍රය චරිතයක් බවට පත් වූවා.

1967 වසරේදී Password, Match Game වැඩසටහනට සම්බන්ධ වූ බෙටි එම වැඩසටහන මෙහෙයවූ ඇලන් ලූඩන් සමග යුග ජීවිතයට පිවිසි අතර, ඒ දෙදෙනාගේ ආදරය හා බැඳීම කෙතරම් ශක්තිමත්ද කියලා කියනවානම්, 1981 වසරේ ඇලන් මියයන තෙක්ම ඔවුන්ගේ ආදරණීය බැඳීම දුරස් වූයේ නෑ.

2010 වසරේදී Saturday Night Live වෙනුවෙන් බෙටි සම්මාන ලබන විට ඇගේ වයස අවුරුදු 88 කි. ‘‘Anthropolgy 101’’ හි ඇය අමුතු ගති පැවැතුම් ඇති මහාචාර්යවරියගේ චරිතයට සැබෑම සාධාරණත්වයක් සපයා දුන් නිසා
2015 වසරේදී බෙටි වයිට් ගිනස් පොතක සිය කීර්තිනාමය එක් කරුනු ලැබුවේ Bones රූපවාහිනි නාට්‍ය මාලාවන් වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබා දුන් රංගන ශිල්පිනියක් ලෙසින්
ඇගේ මෙහෙවර අගයමින් ජන්ම දිනය යෙදෙන ජනවාරි 17 වැනි දිනට “Betty White: 100 Years Young — A Birthday Celebration” නමින් වාර්තා වැඩසටහනක්ද නිදහස් කිරීමට සූදානම් කර තිබුණා.

ඒ සඳහා ඇය ගොඩක් ආසාවෙන් හිටියත්, එය නොදැකම ඇයට යන්න වුණා…
ඉතින්, මුලු ලොවක්ම ආදරය කරපු බෙටී වයිට්…. රත්තරන් කෙල්ලට… සුබ ගමන් !