අවසර නොමැතිව බස්නාහිරට පැමිණි පිරිසක් හරවා යවයි.

අවසර නොමැතිව බස්නාහිරට පැමිණි පිරිසක් හරවා යවයි.

නියමිත අවසර නොමැතිව බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙකු ආපසු හරවා යවා තිබෙනවා.

වාහන 190ක් ද එලෙස හරවා යැවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටියා.

මේ අතර, ඊයේ දිනය තුළ නිරෝධායන නීති කඩ කිරීම මත පුද්ගලයින් 613ක් හා වාහන 104ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 74,507 ක්.

Share This