අවම බස් ගාස්තුව රුපියල් 6කින් ඉහළට

අවම බස් ගාස්තුව රුපියල් 6කින් ඉහළට

ජනවාරි පළමුවනදා සිට අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

බස් රථ නඩත්තුව සඳහා වන වියදම ඉහළ යාම, බස් රථ හිමියන්ට තවදුරටත් දරා ගැනීමට නොහැකි වීම මෙයට හේතුව බවයි ඒ මහතා පවසන්නේ.

ඒ අනුව, අදාළ යෝජනාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ ප්‍රවාහන අමාත්‍යංශයට හෙට දිනයේදී යොමු කිරීමට නියමිත බව සඳහන්.

මේ වන විට අවම බස් ගාස්තුව පවතින්නේ රුපියල් 14ක් ලෙසයි.

Share This