
අර්ධ සුඛෝපභෝගී බස් රථ බලපත‍්‍ර 430 ක් අහෝසි කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත‍්‍ර 430 ක් අහෝසි කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ එම සංගමය සහ එහි සාමාජිකයන් 28 දෙනෙකු ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සළකා බැලිමෙන් අනතුරුවයි.
අදාළ පෙත්සම පිළිබඳ විවාද අගෝස්තු මස 28 වැනිදා පැවැත්වීමටයි නියෝග කර ඇත්තේ.
එදින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා ජාතික ප‍්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු වගඋත්තරකරුවන් 30 දෙනෙකු වෙත නොතීසි ද නිකුත් කර තිබෙනවා.