
අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ – බදුල්ල දුම්රිය ධාවනය ගැන නිවේදනයක්.
අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීමෙන් තාවකාලිකව සීමා කෙරුණු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් යථා තත්ත්වයට පත්කර නොමැති බව වාර්තා වනවා.
ඒ අනුව කොළඹ කොටුව සහ බදුල්ල අතර තවදුරටත් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අද (5) දිනට නියමිත කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය ද අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.
ඒ අනුව අද රාත්රී 9.30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ පස්වරු 6ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්රී සීඝ්රගාමී දුම්රිය අවලංගු කර තිබෙනවා.
එසේම කොළඹ කොටුව – බදුල්ල දුම්රිය කිහිපයක්ම හෙට (6) දිනයේ ද අවලංගු කර තිබෙනවා.