
අයහපත් කාලගුණයෙන් චීන පාකිස්තාන සහ ඇෆ්ගනිස්තානුවන් 42 කට දිවි අහිමි වෙයි.
ඊසානදිග චීනයේ පාසලක පිහිට් ජිම්නාස්ටික් ක්‍රීඩාගාරයක වහලයක් කඩාවැටීමෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ අනතුර සිදුවන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ 19 දෙනෙකු සිට ඇති අතර ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් වන බවයි.
අනතුරට හේතුව අධික වර්ෂාව වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ල භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරින් 8 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර සුන්බුන් අතර සිරවුවන් ඇත්දැයි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර ගෙවුණු දින 03 ක කාලය තුළ පාකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට බලපෑ ජලගැලීම් සහ නායයාම් හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව තිබේනවා.
ජල ගැලීම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අතුරුදන් වූ පුද්ගලයන් ගනන 41.
එම වාර්තාවල වැඩි දුරටත් දැක්වෙනේ අධික වැසි පතිත වීමත් සමඟ පාකිස්තානයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 13 දෙනෙකුට දිවි අහිමි වූ බවයි.