අයවැයට ඉතිහාසයේ වැඩිම පිරිසකගෙන් අදහස්.

අයවැයට ඉතිහාසයේ වැඩිම පිරිසකගෙන් අදහස්.

මෙවර අයවැය සකස් කිරීම සඳහා මුදල් ඇමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ග්‍රාම සේවා වසම් 14 දහසකට අධික සංඛ්‍යවකදී මහජන අදහස් ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීම සඳහා කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් සහ ලේකම්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන නියෝජිතයන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, ලෝක බැංකුව, එක්සත් ජාතීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්, විදේශීය තානාපතිවරුන් ඇතුළු කණ්ඩායම්වලින් අදහස් විමසීමේ සාකච්ඡා වට 102 ක් ද ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

2022 අයවැය ලේඛණය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කළා.

ලබන වසර සදහා ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින අය වැය මගින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට විශාල මුදලක් වෙන්කෙරෙන බව කුඩා වැවිලි භෝග හා අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ඉදිරිපත් කරන පලමු අයවැය මෙය වන අතර එය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හුවකදීි ඔහු සඳහන් කළේ රටේ සහ මහජනතාවගේ යහපත වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පසුගිය කාල සීමාව තුළ සිදුකළ කාර්යය ඇගයීමට ලක් නොවීම කණගාටුවට කරුණක් බවයි.

Share This