අඹන්පොල දී ජීප් රථයක් ගසක ගැටී අයෙක් මරුට – 7 කට තුවාල

අඹන්පොල දී ජීප් රථයක් ගසක ගැටී අයෙක් මරුට – 7 කට තුවාල

කුරුණෑගල, අඹන්පොල, කළුවිලපොතාන ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ජිප් රථයක් ගසක ගැටීමෙන් අද උදෑසන මෙම අනතුර සිදුව තිබුණා.

පොලීසිය සඳහන් කලේ බියගම, සියඹලාපේ ප‍්‍රදේශයේ සිට අනුරාධපුරය බලා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුර සිදුවන විට රථයේ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු, කාන්තාවන් 6 දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ගමන් කර තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේ.

Share This