
අමෙරිකාවෙන් තවත් හදිසි ඖෂධ පරිත්‍යාගයක්
මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට එරට රෝගී සත්කාරක සේවා සපයන ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන අමෙරිකෙයාර් විසින් අමෙරිකානු ඩොලර් 7 ලක්ෂ 73000 ක හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගයට නිදන් ගත රෝග සඳහා වන ඖෂධ, සිරින්ජර්, කැතීටර් සහ විටමින් ඇතුළත් වන බව අමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි පරිත්‍යාග කිරීම් සඳහා අමෙරිකෙයාර් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණු බවයි.