අමෙරිකානු ජනපති යළි නිරෝධායනයට

අමෙරිකානු ජනපති යළි නිරෝධායනයට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යළි කොවිඩ් 19 පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් ප‍්‍රකාශ කලේ එම පරීක්ෂණයේ දී ජෝ බයිඩන්ට තවමත් කොවිඩ් සුව වී නොමැති බව තහවුරු වූ බවයි.

දෙවැනි වර කොවිඩ් ආසාදනය වුණු අමෙරිකා ජනාධිපතිවරයා කැස්සෙන් පීඩා විදින බව ද ධවල මන්දිර වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව තව දින කිපයක් ධවල මන්දිරයේ නිරෝධායනය වීමට බයිඩන්ට සිදුවනු ඇත බවයිි වාර්තා වන්නේ.

Share This