
අමෙරිකානු ජනපතිගෙන් රුසියාවට යළි චෝදනා
යුක්රේනයට එරෙහිව හමුදා ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රුසියාවට චෝදනා කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස චෝදනා කලේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්.
අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, යුක්රේනයේ ස්වෛරීත්වයට රුසියාව තර්ජනයක් බවයි.
යුක්රේනයට රටක් වශයෙන් පැවැතීමට රුසියාව ඉඩ ලබා නොදෙන බව ලෝක නායකයන් හමුවේ පෙන්වා දුන් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රුසියාව අසල්වැසි යුක්‍රේනය ආක‍්‍රමණය කිරීම එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය උල්ලංඝණය කිරීමක් බවයි.